
ජාතික මැරතන් සූරයා වන ශ්රී ලංකා යුධ හමුදාව නියෝජනය කරන අජිත් බණ්ඩාර අද (ජූලි 17) පස් වන ජගත් ආරක්ෂක සේවා ක්රීඩා සූරතාවලියේ මැරතන් ඉසව්ව නියෝජනය කරමින් බ්රසීල නුවර රියෝද ජැනෙයිරෝ හී මාවත් හී ධාවනයේ යෙදෙන්නට සූදානමින් සිටියි.රටවල් 31 ක තරගකරුවන් 51 මෙම තරගයට ඉදිරිපත් වී සිටියි.එරට වේලාවෙන් පෙ.ව. 7.00 ට තරගාවලිය ආරම්භ කිරීමට නියමිතය.
මෙහි කාන්තා තරගයට ඉදිරිපත් වී සිටින්නේ රටවල් 11 ක් නියෝජනය කරමින් ක්රීඩිකාවන් 11 ක් පමණක් බැවින් ඒ සදහා ලාංකේය ක්රීඩිකාවක ඉදිරිපත් කළේ නම් සාපේක්ෂව පිරිමි තරග අංශයටත් වඩා බලාපොරොත්තු තැබිය හැකි තත්ත්වයක් තිබුණු අතර නමුත් ශ්රී ලංකා කණ්ඩායම් බලධාරීන් ඒ පිළිබදව ප්රමාණාත්මක හැදෑරීමක් කර නොමැති නිසා ශ්රී ලංකාවෙන් කිසිදු මැරතන් ක්රීඩිකාවක් මෙම තරගාවලියට ඉදිරිපත් කර නොමැත
Sat, Jul 16, 2011 at 9:56 PM